තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ඇමතිවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා අද(26) දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දි වැඩ භාරගන්නා ලදී.


යහපත සහ අයහපත පිළිබඳව තුලනාත්මක ලෙස වගකීමෙන් සළකා බැලෙන මාධ්‍ය කලාවක් සඳහා කැපවෙන්නැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය සහ ආධාරය රජයෙන් ලබාදෙන බව සඳහන් කල අමාත්‍යවරයා සියලුම මාධ්‍යයන්ට නිදහස්ව රටේ උරුමයන් ආරක්ෂා වන පරිදි නිදහස් මාධ්‍ය වටපිටාවක් නිර්මාණය කරන බව ද එහිදි මාධ්‍යට අදහස් දක්වමින් ඇමතිවරයා පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ජනසන්නිවේදන මාධ්‍ය සියල්ල රටක අනාගතය තීන්දු කිරීම සඳහා තෙවැනි ඇසක් බඳු යැයිද පැවසීය.වත්මන් රජය සුරක්ෂිත හෙටක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් අපහාස උපහාස සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ප්‍රචණ්ඩත්වය සඳහා දායක නොවන බවත් සඳහන් කළේය.
තවද රාජ්‍ය මාධ්‍ය මහජනයාගේ බදු මුදල් වලින් යැපෙන ආයතන ලෙස වඩාත් වගකීමෙන් ක්‍රියා කල යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍ය මර්දනය කිරීමට කිසි විටකත් බලාපොරොත්තු නොවන බවත් වෛරය වෙනුවට පිළිගැනීම තේමා කරගෙන කටයුතු කරමු යැයිද නව මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට එක් වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන්ද, හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන,හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු දේශපාලන නියෝජිතයන්ද, අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීර සහ අමාත්‍යංශයේ උසස් නිලධාරී මහත්ම මහත්මීන් රැසක්ද මාධ්‍යවේදීන්ද එක්ව සිටියහ.

 YAM3553

 YAM3561

 YAM3576