තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (26) දින ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය ධූරයේ වැඩ භාරගන්නා ලදී.
මෙම අවස්ථාවට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මැතිතුමා, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රමණී ගුණවර්ධන මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) රුවන් සත්කුමාර මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ඇතුළු රජයේ උසස් නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහ නව රාජ්‍ය ඇමතිවරයාට සුබපැතීම සඳහා සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.