මාධ්‍ය සඳහා ලබා දී තිබෙන නිදහසට කිසිඳු අයුරකින් පළුදු වීමට ඉඩ නොදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද දින (29) සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ මාධ්‍ය සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු සියල්ලම ඉදිරි අවුරුදු පහක කාලය තුළ ඉටුකිරීමට කටයුතු කරන බවයි.
තවද, රටේ සංවර්ධනය වෙනුවෙන් මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන අතර සැමවිටම රටේ යහපත වෙනුවෙන් මාධ්‍ය භාවිත කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී අමාත්‍යවරය පැවැසීය.
මාධ්‍ය ආචාරධර්ම තමන් විසින්ම අනුගමනය කළ යුතු වන අතර අන් කිසිවකුට මාධ්‍ය සඳහා ආචාර ධර්ම සැකසිය නොහැකි බව අමාත්‍යවරයා විශ්වාස කරන බවද මෙහිදී පැවසීය.
මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ ප්‍රශ්න ඕනෑම අවස්ථාවක කතාකිරීමට තමා විවෘත බවත් මාධ්‍ය ආයතන තුළ දේශපාලන පළිගැනීම් කිරීමට කිසිදු ඉඩක් නොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.