ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමාගේ සහ ඔස්ට්‍රේලියානු රජයේ සුබ පැතුම් පිරිනැමූ මහ කොමසාරිස්වරයා නව දැක්මක් ඔස්සේ ඉදිරියට යන ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡා කෙරිණි.