ජනමාධ්‍ය ක්ෂේත්‍රයත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයට අයත් අනිකුත් ආයතනත් අධීක්ෂණය කරමින් සාමූහිකව එකතු වී කටයුතු කරමින් ජනතාව බලාපොරොත්තු වන පෙරළිය සිදු කරන්නට හැකි වනු ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (12) කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (12) මහචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කරන අවස්ථාවට එක්වෙමිනි.
නව රාජ්‍ය ලේකම්වරයාට සුභපැතුම් එක් කළ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, නව ලේකම් වරයා ජනමාධ්‍ය ක්ෂේත්රයට අමුත්තෙක් නොවන බවත්, බලාපොරොත්තු වන ආකාරයට ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට සාමූහිකව වගකීමක් ගෙන අමාත්‍යංශයේ වැඩකටයුතු කටයුතු කරන බවත් කියා සිටියේය.
අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.