සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඩබ්ලිව්. දයාරත්න මහතා අද දිනයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.


මෙම අවස්ථාවට තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන රඛිත එස්.ඩී.අබේගුණවර්ධන, කනිෂ්ක විතාරණ, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ලේකම් කුමුදු ගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න, ලේක්හවුස් ආයතනයේ හිටපු නීති අධ්‍යක්ෂ නීතීඥ රසංග හරිස්චන්ද්‍ර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුබද්ධ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිතියේ සභාපති අනුර ගොඩකන්ද මහත්වරුද සහභාගී වූහ.