පවතින ආපදා තත්ත්තවය හමුවේ රජයක් වශයෙන් කළ හැකි උපරීම සහන සලසන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගංවතුරින් පීඩාවට පත් ඇති ජනතාව හමුවීමට රාජංගනය ප්‍රදේශයේ සංචාරයකට එක් වන බව පැවසු ඇමතිවරයා, අද දවස තුළ එම ස්ථාන වලට ගොස් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබා ගෙන සහන සැලසිමට කටයුතු කරන බවයි. ක්ෂණික සහන සැලසෙන ආකාරය ඇසින් දැක බලා ගැනම ජනාධිපතිවරයාගේ මෙහි අරමුණ වි තිබේ.

එසේම මේ වන විට අවශ්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශය හා ආපදා කළමණාකරණය සමඟ සාකච්ඡා කරන බව ඇමතිවරයා පැවසිය. මේ වනවිට ලක්ෂ 170ක් පමණ මේ සඳහා වෙන් කර තිබේ. එසේම ඉතිරි අවශ්‍ය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමෙන් හෝ විශේෂ ආපදා තත්ත්වය යටතේ ලබා ගැනීමට කටයුතු කෙරෙන බව සඳහන් කළේය.

තවද සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකු වලින් ලබාගෙන නොගෙවා ඇති ණය මුදල් වෙනුවෙන් ඔවුන්ගේ දේපළ වෙන්දේසියේ විකිණීම වසරක කාලයකට අත්හිටු වීමට රජය තීරණය කොට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඔවුන් ලබාගත හැකි ණය කපා හැරීමක් සිදු නොවේ. ඒ වෙනුවට එම ණය පොළිය යළි සංශෝධනය කොට එම ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය මහා බැංකුව සහ වාණිජ බැංකු සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වාණිජ බැංකු වලින් ණය ලබාගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් 70% ක් පමණ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම ණය නොගෙවීම පමා කර ඇති බව ද ඒ මහතා කීය.