ජනමාධ්‍යවේදීන්ගේ සුභසාධනය ඉලක්ක කරගත් ජාතික පුහුණු මධ්‍යස්ථානය, සුවිශේෂී ණය පහසුකම් මෙන්ම මාධ්‍ය ස්ථාගාර (Press Club) සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා දියත් වන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (31) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වාදුන්නේ උප්පැන්න, මරණ, හැඳුනුම්පත්, රියදුරු බලපත්, ආගමන විගමන ලේඛනවල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස්කිරීමට ජනපතිතුමාගේ අවධානය යොමුවී ඇති බවත් ග්‍රාම නිළධාරීන් හා අමාත්‍යංශ මගින් මෙම ක්‍රියාවලිය දියත්වනු ඇති බවත්ය. මෙහිදී රහස්‍ය තොරතුරු, වෛද්‍ය වාර්තා, පෞද්ගලික තොරතුරු ආදියට සම්බන්ධ නීති ද ප්‍රතිසංස්කරණයට ලක්වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
එළඹෙන නව වසරේ පළමුවැනිදා සිට රජයේ බදු සහනවල ප්රතිලාභ ජනතාවට ලබාදෙන බවත් වත්මන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වූ පරිදි සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රු. 3600 ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය 10ක් ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදුකෙරෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජාත්‍යන්තර සහයෝගීතා ගරු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. පුරවැසියන් සම්බන්ධ සියලුම දත්ත එකම ගොනුවක් වෙත ගැනීමට සමත් ඩිජිටල් යාන්ත්‍රණයක් ඉදිරියේදී සකස් කරන බවත් විශේෂඥ දැනුම ලබාගනිමින් සමස්ත රාජ්‍ය සේවය කඩිනම් කිරීම මෙහිදී සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.