2020 නව වසරේ රාජකාරි කටයුතු අද (1) උදෑසන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේදී  ආරම්භ කිරීමේ අවස්ථාවට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්වෙමින් අමාත්‍යංශ භූමියේ රුක් රෝපණයට ද දායක වූවේය.

මෙහිදී රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීම, අනවශ්‍ය වියදම් අවම කිරීම, ආයතන පරිශ්‍රය තුළ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.  

අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය සහ අතිරේක ලේකම් එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා ඇතුළු අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්විය.

 MG 0021

 MG 0049

 MG 0059

 MG 0060

 MG 0066