ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
මේ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ,අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතාවය හා පාරිභොගික සුබ සාධන ඇමැති ,ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (15) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන ,තාක්ෂණ හා නවොත්පාදන ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කෙළේය.
ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
එම ආයතනය විසින් පූරෝකථනය කළ තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළුවලදී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටුවහලක් වී තිබේ.
බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදු වන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමාවී ඇති බව රජයට පෙනී ගොස් ඇත.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ පසුගිය කාලයේ සිදු වූ රණවිරු දඩයම නිසා ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට දැජි අසාධාරණයක් වී ඇති බැවින් ඒ රණවිරුවන්ට සාධාරණයක් ඉටු කරමින් ,මෙරටේ බුද්ධි අංශවලට නෛතික බලයක් ලබාදීමේ ජාතික කර්තව්යයමෙම ගින් ඉටු කෙරෙන බවය.