මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාට අන්තර් ජාතික තලයේ කීර්තියක් සහ ගෞරවයක් ලැබුණු බව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බහුවිධ අධ්‍යනය පිළිබඳ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ දී උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්විණි.
එහි දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාට අන්තර් ජාතික තලයේ කීර්තියක් සහ ගෞරවයක් ලැබුණු බවත් එලෙස කීර්තියට හා ගෞරවයට පාත්‍ර වූ ප්‍රමුඛ ස්වජාතික විද්වතා හා විද්‍යාඥයා ලෙස මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතාට ලෝක ඉතිහාසයට එක් වූ බවයි.
විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ අධ්‍යන කටයුතු දියුණු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණක් වී තිබෙන බව පෙන්වාදුන් ඇමැතිවරයා ඒ සඳහා පර්යේෂණ මත පදනම්ව ආචාර්ය උපාධි පශ්චාත් උපාධි ලබාදෙන ජාතික මූලික අධ්‍යයන ආයතනයට උපරිම අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බව පැවසීය.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ උසස් පෙළට තාක්ෂපණවේදී විෂය ධාරාවක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තාක්ෂ්ණ පීඨ අද වන විට ජාතික විශ්ව විද්‍යාලය පද්ධතියට එකතු වී ඇති අතර, ප්‍රථම තාක්ෂණවේදී උපාධිධාරී කණ්ඩායම ලබන වසරේ දී බිහි කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැති ආචාර්යබන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය.
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව හා ජාතික විදුලිකෝෂ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමද මෙහිදී සිදුවිය.