මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල සියලු දෙනාගේ සහ­යෝ­ගය ඇතිව රුපි­යල් බිලි­යන විස්ස දක්වා වැඩි කිරී­මට තමා අපේක්ෂා කරන බව තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ ඊයේ (22) මහ­පොළ ශිෂ්‍යත්ව භාර­කාර අර­මු­දල වෙනු­වෙන් නව වෙබ් අඩ­වි­යක් හඳුන්වා දීම ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමි­ෂන් සභාවේ පැවැති අව­ස්ථා­වට එක්වෙ­මින්ය.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වු ඇමැ­ති­ව­රයා මෙසේද කීය. පසු­ගිය කාල­සී­මාවේ දී මහ­පොළ ශිෂ්‍යත්ව ගෙවීම් සම්බ­න්ධ­යෙන් යම් යම් අර්බුද පැව­තිය ද වර්ත­මාන ආණ්ඩුව විසින් හිඟ වූ මුදල් සමඟ මහ­පොළ ශිෂ්‍යත්ව ගෙවීම් කට­යුතු සාර්ථ­කව මේ වන විටත් සිදු කර­මින් තිබෙ­නවා.

බිලි­යන 10.5 ක් වන මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල බිලි­යන 20 දක්වා වැඩි කිරී­මට ශිෂ්‍ය ප්‍රජාව ප්‍රති­ලාභ ලැබූ විද්‍යා­ර්ථීන්, විදේ­ශීය රට­වල වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් මෙන්ම දෙමා­පි­යන් ද කට­යුතු කරනු ඇතැයි තමා අපේක්‍ෂා කර­නවා.

www.mahapola.lkවෙබ් අඩ­වි­යෙන් මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දල පිළි­බඳ සිය­ලුම තොර­තුරු අද සිට ලබා ගැනී­මට හැකි­වන බව පැවසු ඇමැ­ති­ව­රයා විනි­විද භාව­ය­කින් යුක්තව තොර­තුරු දැන ගැනීමේ පන­ත­ටත් වඩා ඉදි­රි­යට ගොස් මේ හරහා තොර­තුරු සැප­යී­මට හැකි­වීම ගැන මම සතු­ටු­වෙ­නවා.

ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමි­ෂන් සභාවේ පැවති මේ අව­ස්ථා­වට උසස් අධ්‍යා­පන, තාක්‍ෂණ සහ නවෝ­ත්පා­දන අමා­ත්‍යාං­ශයේ ලේකම් අනුර දිසා­නා­යක, මහ­පොළ ශිෂ්‍යත්ව අර­මු­දලේ අධ්‍යක්‍ෂ පරා­ක්‍රම බණ්ඩාර, කේෂ­ර­ලාල් ගුණ­සේ­කර යන මහ­ත්ව­රුන් ද සහ­භාගී වී සිටි­යහ.