දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව අභ්‍යන්තර හා බාහිර සියලුම උපාධිධාරීන්ට මාර්තු පළවනදා සිට නියත වශයෙන්ම රජයේ රැකියා හිමිවන බව උසස් අධ්‍යපාන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මෙහිදී, දිළිදුකම පිටුදැකීමේ වැඩසටහන යටතේ බහුකාර්ය ශ්‍රම හමුදාවක් පිහිටුවා, සමෘද්ධිලාභී පවුල්වලින් ලක්ෂකයට අධික පිරිසක් බදවා ගන්නා බවත් ඒ අනුව මාර්තු මාසය වන විට එක් ලක්ෂ පනස්තුන්දහසක් පමණ ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සැකසීම සඳහා කැබිනට් අනුමැති හිමිව ඇති බවත්, ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක අවම සහතික මිලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය.