කොරෝනා වෛරස් රෝගය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.

ජනාධිපතිවරයා විසින් කොරෝනා සම්බන්ධයෙන් පත් කොට ඇති ජාතික ක්‍රියාකාරී කමිටු නිලධාරින්ද සෞඛ්‍ය,සංචාරක,ගුවන් සේවා ,ආගමන විගමන අංශ වල ප්‍රධානින්ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටිති.

මෙහිදී කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ජාතික මට්ටමේ වැදගත් තීරණ ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළාය.