මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ඇතුඵ දුත පිරිසක් ඊයේ (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ.
 
කොළඹ නගරයේ රථවාහන තදබදයට පිළියම් වශයෙන් පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. අදාල ව්‍යාපෘතියේ වැදගත්කම පැහැදිලි කළ මහින්ද රාජපක්ෂ මහතා මගීන්ගේ පහසුව උදෙසා අවට අවකාශය උපරිම ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 
 
ප්‍රංශ රජයේ අරමුදල් සැපයෙන මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය සක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිතය. 
 
කොටුව පිටකොටුව ප්‍රදේශය සදහා ඒකාබද්ධ ප්‍රවාහන හා නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙහි අරමුණ වන්නේ ආයෝජකයන් කෙරෙහි නගරයේ ආකර්ෂණය වැඩි කර කොළඹ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කරමින් තරගකාරි වෙළෙඳපොලක් ඇති කිරීමයි.