සාගර විශ්ව­වි­ද්‍යාල නවී­ක­ර­ණය කැර සංව­ර්ධ­නය කිරීම සඳහා කොරි­යානු ජාත්‍යා­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නය ආධාර ලබා­දී­මට එක­ඟවී තිබේ.

සාගර විශ්ව­වි­ද්‍යාල නවී­ක­ර­ණය කැර සංව­ර්ධ­නය කිරීම සඳහා කොයිකා ආය­ත­න­යෙන් ආධාර ලබා දීම පිළි­බඳ සාක­ච්ඡා­වක් පසු­ගිය (27) උසස් අධ්‍යා­පන තාක්ෂණ, නවෝ­ත්පා­දන හා තොර­තුරු සහ ජන­මාධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මැති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් එම අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

එහිදී මෙම එක­ඟ­තා­වය ඇති වී තිබේ. කොයිකා හෙවත් කොරි­යානු ජාත්‍යා­න්තර සහ­යෝ­ගිතා ආය­ත­නය මගින් මෙරට සංව­ර්ධන ව්‍යාපෘති වෙනු­වෙන් මීට පෙරද ආධාර ලබා දී තිබේ. මේ අව­ස්ථා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා, උසස් අධ්‍යා­පන තාක්ෂණ හා නවෝ­ත්පා­දන අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී.දිසා­නා­යක මහතා, KOICA ආය­ත­නයේ නියෝ­ජි­ත­යින් සහ සාගර විශ්ව­වි­ද්‍යා­ලයේ නියෝ­ජි­ත­යින් පිරි­සක් සහ­භාගී වූහ.