දින 04 ක නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දිවයිනෙන් පිටව යන බව විදේශ සබඳතා අමත්‍යංශය සඳහන් කර සිටියි.
එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් , එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, එරට විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයෂන්කර් යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙම සංචාරය සිදු කෙරේ.
ඒ අනුව, ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරුන් දේපල හෙට දිනයේ දී හමු වීමට නියමිතයව තිබෙන අතර, එම සංචාරය තුළ වරණාසි,සාරනාත්,බුද්ධගයා, සහ තිරුපති ප්‍රදේශ වල සංචාරය කිරීමට ද නියමිතව ඇත.
ඒ අනුව, පසුගිය නොවැම්බර් මස දී අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නිරත වන පළමු නිල විදෙස් සංචාරය මෙය වෙයි.