අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සහ එක්සත් ජන­පද කොන්ග්‍රස් සභික අමි බෙරා, ජෝර්ජ් හෝල්ඩින් අතර හමු­වක් විජ­යා­රාම නිල නිවසේ දී පෙරේදා (15) පැවැ­ත්විණි.   

එක්සත් ජන­ප­දය හා ශ්‍රී ලංකාව අතර ශක්ති­මත් සබ­ඳ­තා­වක් ගොඩ­නඟා ගැනී­මට බලා­පො­රොත්තු වන බව එහි දී කොන්ග්‍රස් සභික අමි බෙරා අග­මැ­ති­ව­රයා සමඟ සඳ­හන් කළේය.  

එක්සත් ජන­පද නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ කැලි­ෆෝ­නි­යාවේ 7 වැනි කොන්ග්‍රස් දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන අමී බෙරා, විදේශ කට­යුතු කමි­ටුවේ සාමා­ජි­ක­යකු ද වෙයි. එසේම ඔහු ආසි­යාව, පැසි­ෆික් හා න්‍යෂ්ඨික අවි ව්‍යාප්තිය වැළැ­ක්වීම (න්‍යෂ්ථික අවි­හ­ර­ණය) පිළි­බඳ අනු­ක­මි­ටුවේ සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කරයි.   

සිය රජය රටේ ආර්ථික සංව­ර්ධ­න­යට ප්‍රමු­ඛ­තා­වක් දී තිබෙන හෙයින් එක්සත් ජන­පද ආයෝ­ජන රටේ ආර්ථීක සංව­ර්ධ­නය සඳහා සප­යන දාය­ක­ත්වය අගය කරන බව මෙහිදී අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා එක්සත් ජන­පද කොන්ග්‍රස් සභි­ක­යන් සමඟ සඳ­හන් කළේය.   

ආර්ථික සම්බ­න්ධතා ශක්ති­මත් කිරීම සඳහා මේ හමු­වීම ඉතා හොද අව­ස්ථා­වක් ලෙස සල­කන බව සඳ­හන් කළ කොන්ග්‍රස් සභික ජෝර්ජ් හෝල්ඩින්, සිය ප්‍රාන්තය වන උතුරු කැරො­ලි­නාවේ 2 වැනි කොන්ග්‍රස් දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකාවේ සෘජු විදේ­ශීය ආයෝ­ජන මඟින් ක්‍රියා­ත්මක වන ව්‍යාපාර මේ වන විත් ක්‍රියා­ත්මක වන බව පෙන්වා දුන්නේය.   කොන්ග්‍රස් සභික හෝල්ඩින් නිවාස කමි­ටුව, අය වැය කමි­ටුව සහ ආචාර ධර්ම කමි­ටුවේ සාමා­ජි­ක­යෙකි.   

දෙරටේ දැනට පව­තින සහ­යෝ­ගී­තා­වන්ට අම­ත­රව ත්‍රස්ත­වා­දය පිටු­දැ­කීම, සංචා­රක කර්මා­න්තය හා බල­ශක්ති යන ක්ෂේත්‍ර­වල සහ­යෝ­ගී­තා­වය පිළි­බ­ඳ­වත් දෙපා­ර්ශ්වය මේ සාක­ච්ඡාවේ දී අව­ධා­නය යොමු කෙරිණි.   

ශ්‍රී ලංකාවේ එක්සත් ජන­පද තානා­ප­තිනි ඇල­යිනා ටෙප්ලිට්ස් ද මේ අව­ස්ථා­වට එක්වූ අතර ආසි­යානු කලා­පය තුළ ශ්‍රී ලංකා­වට හිමිව ඇති විශේ­ෂ­ත්වය සම්බ­න්ධ­යෙන් තානා­ප­ති­ව­රිය මෙහිදී අද­හස් දැක්වූ­වාය.   

ශක්ති­මත්, ස්වෛරී ශ්‍රී ලංකා­වක් බිහි­කි­රීම සඳහා සිය සහාය ලබා දෙන බව ද මෙහි දී තානා­ප­ති­ව­රිය ප්‍රකාශ කළාය.   

ට හිටපු විදේශ ඇමැති ජී. එල්. පීරිස්, අග්‍රා­මාත්‍ය ලේකම් ගාමිණී සෙන­රත් සහ හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඞ් කබ්රාල් මහ­ත්වරු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.   

 ධනුෂ්ක ගොඩ­කු­ඹුර