මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ඇරයුම් රැගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

මෙම සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රජ්‍ය නායකයෝ, ව්‍යාපාරිකයෝ සහ බුද්ධිමත්හු සහභාගී වෙති. 

ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇති අතර ජපාන ව්‍යාපාරික ප්‍රජාව හමුවීම ද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා එහි දී කීය. 
ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.