ථෙර­වා­දය මෙන්ම මහා­යාන ඉ‍ගැන්වීම අතර කති­කා­වක් ඇති­කි­රීම වෙනු­වෙන් ඕටානි චෝජුන් හිමි­පා­ණන් වහන්සේ ප්‍රමුඛ කාර්ය භාර­යක් ඉටු­කළ බව අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ක්යෝතෝහි හෝගන්ජි විහා­ර­ස්ථා­නයේ මහා­නා­යක ඕටානි චෝජුන් හිමි­පා­ණන් වහ­න්සේට 'ශාසන රත්න' ගෞරව නාමය පුද­කි­රීම වෙනු­වෙන් පාර්ලි­මේන්තු කමිටු අංක 1 ශාලා­වේදී ඊයේ (18) පැවැති උත්ස­ව­යට එක්වෙ­මින් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මේ බව පැව­සීය. එම ගෞරව නාමය පුද කර­මින් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා මෙසේද අද­හස් දැක්වීය.

ජපා­නය ශ්‍රී ලංකාව මතු නොව සමස්ත ලෝක­යේම බුදු දහමේ චිර­ස්ථී­තිය උදෙසා තම ශාස­නික දිවියේ වැඩි කාල­යක් කැප කළ ක්යෝතෝහි හෝගන්ජි විහා­රස්ථ මහා­නා­යක ඕටාන් චෝජුන් මාහි­මි­පා­ණන් වහන්සේ වෙනු­වෙන් ප්‍රණා­මය පුද­කි­රීමේ අව­ස්ථා­වට සහ­භා­ගි­වී­මට ලැබීම මා ලද භාග්‍ය­යක්.ශ්‍රී ලංකා­වත් ජපා­න­යත් අතර පව­තින්නේ දශක ගණ­නක් පුරා පැව­ත­ගෙන එන ඉතා කිට්ටු සබැ­ඳි­යා­වක්. දෙර­ට­ටම අසීරු අව­ස්ථා­ව­ලදී දෙරටේ අනොන්‍ය බැඳීම වඩාත් කැපී පෙනේ. ද්විපා­ර්ශ්වීය රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා හැරු­ණු­කොට ශ්‍රී ලංකා­වත් ජපා­න­යත් අතර දිනෙන් දින වර්ධ­නය වන පුද්ගල සබ­ඳතා විශේෂ තැනක් ගන්නවා

ඕටාන් චෝජුන් මාහි­මි­පා­ණන් වහන්සේ යනු නිතැ­තින්ම ශ්‍රී ලංකා­වේත් ජපා­න­යේත් වෙසෙන බෞද්ධ ප්‍රජා­වන් අතර බැඳීම සනි­ටු­හන් කරන ප්‍රති­මූ­ර්ති­යක්. ජපා­නයේ රාජ­කීය පවු­ලට කිට්ටු ඥාතී­ත්ව­යක් ඇති උන් වහන්සේ තෝකියෝ මෙන්ම ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යා­ල­ව­ලින් උසස් අධ්‍යා­ප­නය හදාරා ඇති වියත් පඬි­රු­ව­නක් වෙනවා. ජපා­නයේ නයෝගා විශ්ව විද්‍යා­ලයේ ආචා­ර්ය­ව­ර­යෙකු වශ­යෙන්ද කට­යුතු කර ඇති උන් වහන්සේ ජපා­නයේ බෞද්ධ පුරෝ­ගා­මී­ව­ර­යෙක් ද වෙනවා.

බුදු දහමේ ථෙර­වාද මෙන්ම මහා­යාන ඉගැ­න්වීම් අතර කති­කා­වක් ඇති කිරීම වෙනු­වෙන් ඕටාන් චෝජූන් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් ඉටු කළා. අධ්‍යා­ත්මික සංව­ර්ධ­නය විදහා දක්වන භෞතික යටි­තල පහ­සු­කම් ගොඩ­නැං­වී­මෙන් බෞද්ධ බැති­ම­තුන්ගේ අධ්‍යා­ත්මික ගුණ වගාව නැංවිය හැකි බව දැඩිව විශ්වාස කළ උන් වහන්සේ එම අර­මුණ වෙනු­වෙන් ගන්නා ලද ක්‍රියා­මාර්ග ජපා­නය, ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ වෙනත් රට­ව­ලද පැස­සු­මට ලක්ව තිබෙ­නවා. දීර්ඝ කාල­යක් මුළුල්ලේ ලෝක බෞද්ධ ප්‍රජාව හා බුද්ධ ශාස­නය වෙනු­වෙන් සපු­රා­ලන ලද සේවය අගය කරනු වස් ඕටාන් චෝජූන් හිමිට ශාසන රත්න ගෞරව නාමය මෙයින් පුද කරන්නේ.

උන් වහ­න්සේට දීර්ඝා­යුෂ ප්‍රාර්ථනා කරන අත­රම ඉදිරි වැඩ­ක­ට­යුතු සියල්ල සර්ව­ප්‍ර­කා­ර­යෙන් සාර්ථක වේවායි ඕටානි චෝජුන් මාහි­මි­පා­ණන් වෙත ගෞර­ව­යෙන් යුතුව ප්‍රාර්ථනා කර සිටිමි.

කතා­නා­යක කරූ ජය­සූ­රිය, සභා­නා­යක ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන , ජපන් තානා­පති අකිරා සුගි­යාමා, ඇමැ­ති­ව­රුන් වන ඩලස් අල­හ­ප්පෙ­රුම , තිලංග සුම­ති­පාල , ලසන්ත අල­ගි­ය­වන්න මහ­ත්ව­රුන් ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ පාර්ලි­මේන්තු නිල­ධා­රී­හුද මේ අව­ස්ථා­වට එක්වූහ.