උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ය.

රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පත්වීම් ලිපි නිකුත් කිරීම ජනාධිපති ලේකම්කාර්යාලය විසින් ආරම්භ කර තිබෙනවා. ලිපිවල පිටපත් දිස්ත්‍රික්කවල සිටින දිසාපතිවරයාට යොමු කරනවා. සියලු උපාධිධාරීන්ට මාර්තු 01 සිට 2021 මාර්තු 01 දක්වා පුහුණුවක් ලබාදෙනවා. ඒ කාලය තුළ රුපියල් 20000ක දීමනාවක් ලබාදෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය සේවය ඵලදායී හා කාර්යාක්ෂමව ලබාදීම සඳහා සේවා ස්ථාන ලබාදෙනවා. එම ස්ථානයේ පස් වසරක් සේවය කළ යුතු වෙනවා.  පනස් දහසකට පමණ පත්වීම් ලිපි ඒ අනුව නිකුත් කිරීම ආරම්භ වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.