මෙරට අධ්‍යාපනයේ නව වෙනසක් ඇති කරමින් හඳුන්වා දුන් තාක්ෂණ විෂය ධාරාව ඉදිරියේ දී රට සංවර්ධනන මාවතට යොමු කිරීමේ මූලික කාර්යය ඉටු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙරට පළමු තාක්ෂණ පීඨය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘති කිරීමයට නියමි තබවද හෙතෙම කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ (2) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීය.

රුපියල් කෝටි ගණනක විදයමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය හෝමාගම ඉදි වෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සඳහා ඇතුළත්වන සිසුන් සියලු දෙනා හෝමාගමට පැමිණිය යුතු යි. ඒ තුළ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලැබෙයි. ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණික පීඨය ලංකාවේ පළමු තාක්ෂණික පීඨය බවට පත්වීම ඓතිහාසික වශයෙන් සංධිස්ථානයක්. ඒ වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා.

එමෙන් ම එළඹෙන මාර්තු 11 සිට 14වැනි දින දක්වා අඛණ්ඩ ව දින 04ක පුරා හෝමාග ම දී පැවැත්වෙන තාක්ෂණ හා නවෝත්පාදන අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹීම සඳහා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් මම ඔබට ආරාධනා කරනවා. ඒ ප්‍රදර්ශනය අක්කර 200ක පමණ භූමි භාගයක ක්‍රියාත්මකදින වෙන නිසා සම්පූර්ණ ප්‍රදර්ශනය එක් දිනකින් නරඹා නිම කරන්නට බැරි වෙයි. ඊට ඔබේ දරුවන් රැගෙන එන්න. කොළඹ, ජයවර්ධනපුර ඇතුළු විශ්වවිද්‍යාල 11ක තාක්ෂණ පීඨයන්හි නව නිර්මාණ, තෝරාත් පාසල් 100ක පමණ තාක්ෂණික සහ නවෝත්පාදන, එමෙන් ම යුධ හමුදාව, ආතර්.සී.ක්ලාක් මධ්‍යස්ථානය, කාර්මික තාක්ෂණ විශ්වවිද්‍යාලය, නැනෝ තාක්ෂණික විශ්වවිද්‍යාලය, හරිත සරසවිය, කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව, සාගර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 24ක දායකත්වය මේ සඳහා ලැබෙනවා. මේ තාක්ෂණ විෂය ධාරාව ඇති කිරීමෙන් පසු කෙටි කලක් තුළ අප ලබා තිබෙන ජයග්‍රහණ පිළිබඳ ඔබට දැක ගන්නට පුළුවන්.