සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව සියලු රජයේ සේවකයන් සඳහා එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ලබන 23 වැනි දින රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට අදාළ කටයුතු මුදල් අමාත්‍යාංශය මඟින් සිදුකරනු ලැබේ.

කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිර යෑම වැළැක්වීමට රට වෙනුවෙන් තමන් අතින් සිදුවිය යුතු කාර්ය භාරය මැනවින් ඉටු කිරීම සඳහා මේ වන විටත් රජයේ සේවකයන් කැපවී සිටින බව තමන් හොඳින්ම දන්නා බවත් අගමැතිවරයා පැවසීය.

තම සෞඛ්‍ය සම්බන්ධයෙන් හෝ නොසිතා රටත්, ජාතියත් වෙනුවෙන් කැපවී සිටින සෞඛ්‍ය අංශය ඇතුළු රජයේ සේවකයන් අගය කරන අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කරන බව ද සඳහන් කරමින් සියලු රජයේ සේවකයන්ට එළැඹෙන 23 වැනිදා වැටුප් ගෙවීමට අදාළ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.