උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.
 
ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී.
 
බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස්රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.
 
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර  ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබේ.
 
ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත.
 
ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22  ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.