කොරෝනා ආසාදනය වැළැක්වීමට පියවරක් ලෙස ක්‍රියාත්මක කළ නිරෝධයන මධ්‍යස්ථානවලින් අද දින පුද්ගලයන් 208 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිදහස් කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටී.

ශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී අද (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටී.

නිරෝධායන මධ්‍යස්ථන 46ක් තුළ 3224ක් තවදුරටත් නිරෝධයනය වෙමින් පවතින බවත් මෙලෙස දෙවැනි කණ්ඩායම ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව කී හමුදපතිවරයා, කන්දකාඩු කඳවුරෙන් 108 දෙනෙකුද පුනානි කඳවුරෙන් 203 දෙනෙකු බස් රථ 11කින් අදාළ විවිධ ප්‍රදේශවලට ඊයේ ඔවුන් යොමු කළ බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම පිරිස් පිටව යාමට පෙර වෛද්‍යවරුන් ගෙන්වා ඔවුන් නිවෙස් තුළ කෙසේ නිරෝධායනය විය යුතුද යන්න උපදෙස් මාලාවක් ලබාදුන් බවත් යුදහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුධහමුදාපතිවරයා පැවසුවේ, පසුගිය දිනවල යාපනයේ සංචාරය කළ ස්විට්ස්ලන්ත ජාතික දේවගැතිවරයා ඇසුරු කළ පුද්ගලයන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ඉදි කළ නව නිරෝධායන මධ්‍යස්ථානයක ඔවුන් නිරෝධායනය සඳහා යොමුකළ බවයි.