සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝහල් විසින් සමස්ත දිවයින පුරා ඒ ඒ රෝගීන්ට ලබා දෙන බෙහෙත් රෝහල් විසින් සකස් කර තැපැල් කාර්යාලට ලබා දීමෙන් පසු අදාළ රෝගීන් වෙත නොමිලේ නිවසටම ලබා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ජනතාවට අවශ්‍ය ඖෂධ තැපැල් මාර්ගයෙන් බෙදාහැරීම සම්බන්ධව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුවේ නිරීක්ෂණයට එක්වෙමිනි

ජනාධිපතිතුමා විසින් පිහිටවනු ලැබූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා වන කාර්යය සාධක බළකායේ වගකීමෙන් කොටසක් තම අමාත්‍යංශය යටතේ පවතින බවත්, තම අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන නිවසටම ලිපි බෙදාහැරිමේ සම්ප්‍රදායික ක්‍රමවේදය සම්බන්ධව පවතින දීර්ඝ කාලීන අත්දැකීම් උපයෝගී කර ගනිමින් වඩා විශ්වාසවන්ත ලෙස භාණ්ඩ බෙදාහැරිම සිදු කිරීමට හැකි බවත්, එමඟින් මෙරට පවත්නා තත්ත්වය හමුවේ රෝගීන්ට ඖෂධ බෙදා හැරීමේ කාර්යයභාරය තැපැල්පතිතුමා, නියෝජ්‍ය තැපැල්පති තුමා සෙසු නිළධාරීන් හා වෘත්තීය සමිති මෙන්ම සේවකයින් ද ඇතුළුව ජාතික වගකීමක් ලෙස භාර ගෙන නොමිලේ බෙදා හැරීමට කටයුතු කරනවා.
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මෙම කර්තව්‍ය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවමඟින් සසිදු කිරීම පිළිබඳව සතුටු වන බව ද මෙහි දී ප්‍රකාශ කළේය.
බෙහෙත් රෝගීන්ට ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවේද දෙකක් ඔස්සේ සිදු කරනු ලබන බව සදහන් කර සිටි අමාත්‍යවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝහල් විසින් සමස්ත දිවයින පුරා ඒ ඒ රෝගීන්ට ලබා දෙන බෙහෙත් රෝහල් විසින් සකස් කර තැපැල් කාර්යයාලට ලබා දීමෙන් පසු අදාළ රෝගීන් වෙත නොමිලේ නිවසටම ලබා දීමට කටයුතු කරනු ලබන අතර, රෝහල් වල වගකීමක් වනුයේ බෙහෙත් වට්ටෝරුව අදාළ රෝගීන්ගේ නම ගම සහිතව නිවැරදි ලිපිනය සඳහන් කර දීම බවත්, එමෙන්ම දෙවන ක්‍රමවේදය වනුයේ රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය ඔසු සල වෙත තාක්ෂණික ක්‍රමවේද අම්න්ගින් හෝ දුරකථන මඟින් බෙහෙත් ඇනවුම් කළ විට ඔසු සල විසින් ඇනවුම් කරන ලද අදාළ බෙහෙත් පාර්සලය නිසි ලෙස අසුරා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම මඟින් ද නිවෙසටම බෙහෙත් ලබා දී එකී බෙහෙත් වලට අදාළ මුදල අයකර ගනු ලබන බවත් සිදු කරන බවත් මෙහි දී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.