කොළඹ දිස්ත්‍රික්කයේ වෛරසය අසාදිත රෝගීන් සඳහා හෝමාගම මූලික රෝහල වෙන් කරගෙන ඇති බවත් ගම්පහ, කළුතර සහ දිස්ත්‍රික්කයන්හි මිනුවන්ගොඩ රෝහල සහ බේරුවල රෝහල වෛරස අසාදිත යැයි පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන ඇති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි.

තවදුරටත් අවදානම් යැයි කළුතර, කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හඳුනගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ වෛරසය අසාදිත රෝගීන් සඳහා හෝමාගම මූලික රෝහල වෙන් කරගෙන ඇති අතර එහි නිරෝධායන මධ්‍යස්ථානයක් ද ඇතුළත් වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ COVID -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා Voice of America නමින් ඇදන් 50 ක් සහිත රෝහලක් පුත්තලම ඉරණවිල ප්‍රදේශයේ ඉදිකරගෙන යමින් සිටින අතර එය ත දින දෙකකින් ඇරඹිය හැකි බව ද මෙහි දී සඳහන් විය.

අනෙකුත් අවදානම් යැයි සැලකෙන ගම්පහ, කළුතර සහ දිස්ත්‍රික්කයන්හි මිනුවන්ගොඩ රෝහල සහ බේරුවල රෝහල වෛරස අසාදිත යැයි පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන ඇති බවත්, ඒ සඳහා තවදින දින දෙකකින් බේරුවල රෝහල වෛරස අසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කිරිමට පවරා ගනු ලබන බවත්, මිනුවන්ගොඩ රෝහල ඒ වෙනුවෙන් හෙට දිනයේ දී සුදානම් කරන බවත් මෙහි දී සඳහන් විය.

ඒ අනුව, කැස්ස,ශ්වසන අපහසුතා,උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහිත වෛරසය අසාදිත යැයි සැකකටයුතු රෝගීන් සිටී නම් අනෙකුත් ප්‍රජාවගේ යහපත උදෙසා මෙම දිස්ත්‍රික්ක හතරෙහි සදහන් කරන ලද මෙම රෝහල් වෙතට යොමු කරන ලෙස Isolation Units නොමැති සියලුම රෝහල් වලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.