වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා රසායන පරීක්ෂණ සංඛ්‍යාත්මකව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (06) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා රසායන පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර මෙහි දී සිදු කරනු ලබන්නේ වෛරසය හඳුනාගනු ලබන්නේ PCR පරීක්ෂණය වන අතර Rappid Test පරීක්ෂණය ඉදිරියට (Validate) වලංගු කරන බවත්, ගුණාත්මකභාවයෙන් යුතු Rappid Test Kit ලැබෙන අවස්ථාවක එම පරීක්ෂණයත් සුදුසු පරිදි කිරීමට බලාපොරොත්තු වෙන බවත් මෙහි දී සඳහන් කෙරිණි.


1390 හා 1399 ට අමතා ජනතාවට නිවසේ සිටම දුරකතනයෙන් ඇමතුම් ලබා ගෙන තමන්ට තිබෙන රෝග ලක්ෂණ අනුව නිසි උපදෙස් ලබා දීමක් ද සිදු කෙරේ. ඉදිරියටත් සමාජ දුරස්ථභාවය ඇති කර ගෙන කටයුතු කිරීම සැමගේ වගකීමක් ලෙස සිතා කටයුතු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කර සිටි අතර කරුණු වසං කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවට දැනුම් දී සිටියේය.