ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් රාජ්‍ය අංශය සදහා හදුන්වා දුන් වීඩියෝ සම්මන්ත්‍රණ විසදුම ( https://meet.gov.lk) වෙත පිවිසීමටත් එම දත්ත වැය වීමකින් තොරව නොමිලේ භාවිත කිරීමටත් පහසුකම් ලබා දීමට ටෙලිකොම් ,ඩයලොග් , මොබිටෙල් සහ හච් එකතුවේ.
 
කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම පලනයකිරීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙස නිවෙස්තුලම සිටින ලෙසත් රාජ්‍ය සහ අනෙකුත් අංශවල රාජකාරී නිවෙස්තුලම සිට කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් රජය විසින් දැනුම් දී තිබුනි. 
 
මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් රාජ්‍ය අංශය සදහා හදුන්වා දුන් මෙම වීඩියෝ සම්මන්ත්‍රණ විසදුම තුළින් එකම අවස්ථාවේ විශාල පිරිසක් අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සජීව සම්මන්ත්‍රණ පැවැත්විය හැකිය.
 
මේවන විට ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන 120ක් මෙහි ප්‍රතිලාභ ලබයි.