ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය රජයට සිය ස්තූතිය පල කරයි.

ඒ කොරෝනා වසංගතය හමුවේ රට අසීරුතාවයට පත්ව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අනුව ඉන්දිය රජය විසින් මෙරටට අත්‍යාවශ්‍ය බෙහෙත් ටොන් 10 ක ප්‍රමාණයක පරිත්‍යාග කිරීම සම්බන්ධයෙනි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ස්තූතිය පල කර ඇත.