ජනමාධ්‍යවේදීන්‍‍‍ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට පහසුකම් වැඩිදියුණු කිරී‍මේ අරමුණින් රජය ලබා දුන් මාධ්‍ය අරුණ ණය සඳහා වාරික ගෙවීම මාස තුනක් දක්වා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශ‍යේ ‍ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ ක‍ළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව මහජන බැංකුව සහ ප්‍ර‍දේශීය සංවර්ධන බැංකුව හරහා ‍මෙම ණය ‍යෝජනා ක්‍රමය ක්‍රියවට නැංවිණි. ඒ අනුව රුපියල් ලක්ෂ තුනක් පරිගණක උපකරණ ලබා ගැනීමට හා උපාංග මිලදී ගැනීමට ‍පොලී රහිත ණයක් ‍ලෙස ලබා‍දෙන ලදි. ඊට අමතරව ලක්ෂ එකහමාරක මුදලක් කැමරා උපකරණ අලුත්වැඩියා කිරීමට සහ පරිගණක අලුත්වැඩියා කිරීම සඳහා ණය මුදල් පිරිනමා තිබිණි.