COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08)  රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරිණ.

 අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශ යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29.5 ක්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8 ක් සහ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වූහ. යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක්, කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය රුපියල් මිලියන 5ක් කිරම විමලජෝති හිමි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය රුපියල් මිලියන 2ක්, අත්තනගල්ල රජමහා විහාරය රුපියල් මිලියන 10ක් සහ මලලසේකර පදනම රුපියල් මිලියන 3ක් අද (08) සිදු කෙරුණු පරිත්‍යාගයන්ට ඇතුළත් වේ.

අද පස්වරු වන විට COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  පිළිවන.