වැඩිදුර පැහැදිළි කිරීම.

  • ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කවල කුමන වේලාවන්හි ද ?
  • කොළඹ, ගම්පහ, කළුතරසහපුත්තලමදිස්ත්‍රික්කවලනැවතදැනුම්දෙනතුරුඇඳිරිනීතියක්‍රියාත්මකවපවතී.
  • සෙසුදිස්ත්‍රික්කවලඅද (04) සිටමැයි 06, බදාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා. මේදිස්ත්‍රික්කවලමැයි 06 බදාදා,රාත්‍රී00 ටපනවනුලබනඇඳිරිනීතියමැයි 11 සඳුදාඅලුයම 5.00 දක්වාබලපවත්වයි.
  • ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම පටන් ගන්නේ කවදා ද ?
  • කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ආරම්භ වන්නේ මැයි 11 සඳුදා සිට,
  • මේ වැඩපිළිවෙළ අද (04) සිට ආරම්භ කිරීමට කලින් සැලසුම් කළද මේ සතියේ නිවාඩු දින 04 ක් යෙදී තිබීම නිසා මැයි 11 ට වෙනස් කෙරිණ.
  • ජනජීවිතයයථාතත්ත්වයටපත්කිරීමේමූලිකකාර්යයන්සිදුවන්නේ
    කෙළෙසද?
  • කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන මැයි 11 සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.
  • ඒ සඳහා දැන් සිටම සැලසුම් සකසන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
  • ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කොරෝනා වෛරසය පාලනය සඳහා නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුළුමනින් පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.
  • පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළ යුතු බව නියම කර ඇත.
  • දෙඅංශයේම ආයතනවල සේවයට කැඳවන සේවකයන් සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.
  • ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ රැකියා සඳහා යන අයට සීමා කෙරේ. 
    • ඇඳිරි නීතිය තිබියදී නිවෙස්වලින් බැහැර යාමට අවසර ඇත්තේ කුමන කාර්යයන් සඳහා ද?
    • අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයා රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.
    • නිවසින් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි.
    • ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ කුමන ප්‍රදේශවලට ද ?කවදා සිට ද ?
    • ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණි.
    • මැයි 11 සඳුදා සිට
    • ඇඳිරි නීතිය ලිහිල් කළ විට එය අදාළ නැත.

    ඇඳිරි නීතිය ලිහිල් කළද ඉහත උපදෙස් පිළිපදිමින් ජනයා අනවශ්‍ය ලෙස ඒකරාශී වීමෙන් වැළකී සිටිනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

    ඇඳිරිනීතියතිබියදී,ආර්ථිකසහජනජීවිතයයථාතත්වයටපත්කිරීම සිදුවනඅතර වෛරස ව්‍යාප්තිය වළක්වා ගනු පිණිස ජනයා ඒකරාශීවීම පාලනය කිරීම මේ විධිවිධාන වල ප්‍රධාන අරමුණකි.

    උක්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලින් නිවේදනවල ඇතුළත් කොන්දේසි නෙවෙනස්ව පවතී.