කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව හිමිවන රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවනු ලැබේ.

මැයි මස දීමනාව ගෙවීම හෙට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කෙරේ. වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් පන්දහස බැඟින් ගෙවීමට ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ලැබීය.

මේ කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයටද දීමනාව හිමි වෙයි.

මැයි මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම හෙට ආරම්භ කොට පොහොය දිනයට පෙර අවසන් කරනු ලැබේ.