මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රකාශයට පත්කිරීම සහ ඒ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති විශේෂ පියවරයන්, ප්‍රචාරක කටයුතු පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්, ගරු තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ඒ්. චූලානන්ද පෙරේරා, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර සහ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2020.05.04 (සඳුදා) දින තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය සාහිත්‍යසූරී රාජකීය පණ්ඩිත අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක ස්වාමීන් වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ප්‍රඥාසිංහ ධර්මකීර්ති ශ්‍රී අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ, පුජ්‍ය මහාචාර්ය ඉ‍දුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, කොළඹ 02  හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරි පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි  නායක ස්වාමීන් වහන්සේ, ශාස්ත්‍රවේදී පූජ්‍ය අග්‍රහැරේ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේ සහභාගිවූහ.