ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රමුඛ සභිකයන් රුපියල් 166,000ක්, එච්. ප්‍රියන්ති ආර්. පීරිස් මහත්මිය රුපියල් 5,000ක්, ‘A’ Group Construction & Consults හි කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු පී. ත්‍යාපරන් මහතා රුපියල් 200,000ක්, එළවළු, පළතුරු හා ධාන්‍ය තොග වෙළෙඳ හිමියන්ගේ සුභසාධක සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා රුපියල් 200,000ක්, එච්.කේ. සිරිසේන මහතා රුපියල් 50,000ක්, පී.බී. සුමනාවතී මහත්මිය රුපියල් 6,500ක්, ඩබ්. මනෝජ් ලලිත් ප්‍රනාන්දු මහතා, රුපියල් 64,000ක් සහ එම්.ඒ. පීටර් විල්ප්‍රඩ් මහතා රුපියල් 5,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල කළ චාරිකාවේදී භාරදෙනු ලැබීය.

ඩී.එම්. උදුලා විශ්වනී දියණිය රුපියල් 5,000ක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව රුපියල් 263,628.56ක්, Weettasinghe Pharmaceutical Distributors (Pvt) Ltd රුපියල් 50,000ක්, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සුබසාධක සංගමය රුපියල් 189,625.34ක් සහ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මහතා රුපියල් 88,000ක් අරමුදලට පරිත්‍යාග කළහ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,450,326,673.05 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.