ජාතික විශ්වවිද්‍යාල නොමැති දිස්ත්‍රික්ක සඳහා ඉදි කෙරෙන අධිතාක්ෂණික විශ්වවිද්‍යාල දහයෙන් එකක් මාතලේ දිස්ත්‍රික්කයට ලැබී තිබෙන අතර එය ඉතා කඩිනමින් ඉදිකෙරෙන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.  ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(21) මාතලේ දිස්ත්‍රික්කය සඳහා ඉදිකිරීමට නියමිත අධිතාක්ෂණික විශ්වවිද්‍යාලය ඉදිකෙරෙන භූමි භාගය නිරීක්ෂණ කිරීමේ චාරිකාවට එක්වෙමින්ය.