අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විශේෂ දානමය පුණ්‍යකර්මයකට සහභාගි විය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු විංශත් වර්ගික කාරක සංඝ සභාව නියෝජනය කරන මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්ව සිටියහ.

දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ තැන්පත් කර තිබූ කැටයමක් විවෘත කිරීමටද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ආරාධනයෙන් අගමැතිවරයා එක් විය.