අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී  අද (11) සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය. මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
 
එසේම නව අමාත්‍යවරුන් හෙට(12) දිනයේ දී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.