ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (08) ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සංචාරයක නිරත විය
කලාව ,ජනමාධ්‍ය හා සෞන්දර්යය ක්ෂ්ත්‍රෙය් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනය නවීන ලෝකයට ගැලපෙන අයුරින් ගොඩනගන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදී ප්‍රකාශ කළහ
මධ්‍යකාලීන ,කෙටිකාලීන හා දිගු කාලීන ලෙස මෙම වැඩපිළිවෙළ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම සමඟ ක්‍රියාවට නන්වන බව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්විය
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි ප්‍රථම නිරීක්ෂණ චාරිකාව ලෙස අමාත්‍යවරයා පදනම් ආයතනයේ නිරීක්ෂණ සංචාරයට එකතු විය
මාධ්‍ය,කලාව සෞන්දර්ය යන විෂය ක්ෂ්ත්රයන් සඳහා යම් යම් පාඨමාලා පවත්වමින් විධිමත් අධ්‍යාපන ආයතනයක් බව පදනම් ආයතනය පත් කිරීමට කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කරන ලදි
ජර්මන් පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමි වූ ශ්‍රි ලංකා පදනම් ආයතනයට වසර පනහකට එහා දීර්ඝ ඉතිහාසයක් පවතියි