ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටයේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාතයාංශයේ මාර්ගෝපදේශ ප්‍රකාරව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වෛරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිවයින පුරා හින්දු කෝවිල්වල විශේෂ පූජාවක් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.
විශේෂයෙන් කෝවිල්වල සෞඛ්‍ය ආරක්ෂාව අනුගමනය කරමින් විශේෂ පූජාවක් සහ හෝමය පවත්වන ලෙස ඉල්ලා ඇත.
දිවයිනපුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වීමට නියමිත මෙම විශේෂ පූජාව දිනපතා පෙ.ව 6.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ සේවයේ ‘කෝවිල් දර්ශම්’ වැඩසටහනේ විකාශනය කිරීමට සංවිධානය කර ඇත.
- අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය