අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමි අපවත්වීම රටට,ජාතියට,සම්බුද්ධ ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක්- ජනමාධ්‍ය අමාත්‍ය
උතුම් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා දශක නවයකට ආසන්න කලක් අපරිමිත මෙහෙවරක නිරතවූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගෞරවාර්හ මහානායක අතිපූජ්‍ය ශාෂන සෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සීලවංශ වංශාලංකාර රාජගුරු පරියත්ති විශාරද අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය විනය විශාරද රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේගේ අපවත්වී පිළිබඳව සාතිශය සංවේගය ප්‍රකාශ කරමි.
මෑත කාලීනව ලක් දෙරණට පහළ උතුම් ධර්මධර, විනයධර, ශික්ෂාකාමී මහා සංඝ පීතෘවරයානන් වහන්සේ නමක වන අප මහා නාහිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.
මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති ලෙසින්ද අති මහත් ශාෂනික සේවාවක නිරත වූ රටත් ,ජාතියත්,සම්බුද්ධ ශාෂනයත් උදෙසා නොබියව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කල උන් වහන්සේගේ අපවත්වීම මෑත කලීනව සම්බුදු සසුනට සිදුවූ පිමැසිය නොහැකි පාඩුවකි.
අපවත් වී වදාළ අප මහා නාහිමියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවා!