මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ ආරම්භ කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්ත ව්‍යාපෘතිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) නිල වශයෙන් ආරම්භ කළ අයුරු. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. වී. චානක, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහත්වරු ද මෙහි වෙති.