- ජනමාධ්‍ය ඇමැති කොහෙලිය රඹුක්වැල්ල

කොවිඩ් 19 අභියෝග හමුවේ වුවත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොකර පවත්වාගෙන යාමට රජය සියලු පුරවැසියන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනමාධ්‍ය ඇමැති කොහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (24) පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවැසුවේ මෙම අසීරු අවස්ථාවේ ඇතැම් වෘත්තීය සමිති බොරදියේ මාළුබෑමට උත්සහා කරමින් සිටින බවයි. මෙවන් අසීරු අවස්ථාවක වෘත්තීය සමිති කිහිපයක් විසින් ගෙන යන එම උත්සාහයන් පිළිකුළෙන් හෙළා දකින බව පැවසූ ඇමැතිවරයා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අඩු-පාඩු අවම වන ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කීවේය.