ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජයරාම නිල නිවසේදී හමුවුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් පණිවුඩයක් අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කිරීමට ද ඔහු මෙහිදී කටයුතු කළා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කළ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කලාපයේ සෙසු රටවල් සමගින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනයකරා ගෙනයාමේ ක්‍රමෝපායන් සොයාගත යුතු බව කියා සිටියා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ අරඹා ඇති පානීය ජල ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ද ආරම්භ කිරීමට මෙහිදී එකගතාව පළවුණා.