පොළොන්නරුව, ඵෙතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දාන ශාලා ගොඩනැඟිල්ල බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා (20) බුදු සසුනට පූජා කරනු ලැබීය.
ප්‍රධාන පිවිසුම් ද්වාරයේ හා ශ්‍රී පඤ්ඤාරංසි නාහිමි අනුස්මරණ දාන ශාලා ගොඩනැඟිල්ලේ සමරු ඵලක නිරාවරණය කළ අගමැතිවරයා අභිනව දාන ශාලාව සඟ සතු කළේය.
ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කරන ලදී.
පොළොන්නරුව ඵෙතිහාසික ඉතිපතනාරාම රාජමහා විහාරාධීෂ්වර උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාතලේ අනෝමදස්සී හිමියන්ගේ මඟපෙන්වීමෙන් ඉදිකළ ශ්‍රී පඤ්ඤාරංසි නාහිමි අනුස්මරණ දාන ශාලා ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වය යටතේ කෙටි කාලයකින් ඉදිකිරීම් අවසන් කෙරිණි.
පොළොන්නරුව ඵෙතිහාසික ඉතිපතනාරාම රාජමහා විහාරාධීෂ්වර උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්, ලක්ෂ උයන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පේරාදෙණියේ සාසනරතන හිමි, මාතලේ අනෝමදස්සී හිමි ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළහ.
රාජ්‍ය ඇමැතිවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු බැතිමත්හු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.