ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (21) සිදුවිය.
ඒ අනුව ජේතවනාරාම පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ සුවිශේෂී පුරා වස්තු පෙරේදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන අතර කෞතුකාගාරය විවෘත කිරීමට එක් වූ අගමැතිවරයා ජේතවනාරාම විහාර භූමියේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කළ මේ පුරාවිද්‍යා කෞතුකාගාරයට සමගාමීව අලුතින් සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියට රුපියල් මිලියන 82ක මුදල් ප්‍රතිපාදන යොදවා තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් සහ අවශේෂ කොටස් ආරක්ෂා කර ගැනීම ජේතවන කෞතුකාගාරය මඟින් සිදුවන අතර එය ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ දෑතින් නිමවුනු අභිමානවත් නිර්මාණයකි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නිර්මාණය වූ මේ ඵෙතිහාසික වටිනාකමකින් යුත් ව්‍යාපෘතිය සෞභාග්‍යයේ දැක්ම යටතේ අතීත ශ්‍රී ලාංකික ශ්‍රී විභූතිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මකය.
අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ හා ජේතවනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන්ගේ අනාශාසකත්වයෙන්, සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් මේ කෞතුකාගාරය විවෘත විය.
මේ අවස්ථාව සඳහා ජේතවනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් හා රුවන්වැලි චෛත්‍යාධිකාරී, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.
ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.එස්.කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී, ජේතවන ව්‍යාපෘති කළමනාකරු ගාමිණී අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.