ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (26) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත වූවේය. පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. පුදබිම වෙත රැස්ව සිටී ජනතාවගේ සුවදුක් විමසමින් ඒ මහතා ඔවුන් සම සුහද කතා බහක ද නිරත විය. රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ජනාධිපතිවරයා විහාරාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූයේය. රුවන්වැලි මහා සෑය ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතිය ද ජනාධිපතිවරයා අධීක්ෂණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය රජමහා විහා රය වෙත ද ගොස් විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක සුව දුක් විමසීය.