කොවිඩ් අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකාර සහකාර, කාර්මික සේවා සංගමය රුපියල් මිලියන 1.28ක මුදලක් පරිත්‍යාග කරයි. එම මුදල අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාරදීම ඊයේ (29) සිදුකෙරිණි.

මෙරට කොව්ඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තරකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගම් නියෝජිතයන් විසින් විජේරාම පිහිටි අගමැති නිල නිවසේ දී මෙම මුදල් පරිත්‍යාගය සිදුකළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

 
 

මෙම සංගම්වල ප්‍රධාන සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා අදාළ මුදල් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. මෙම අවස්ථාවට ඇමැති ගාමිණී ලොකුගේ, රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, ප්‍රධාන ලේකම් එස්.ජේ නල්ලගේ, ප්‍රධාන භාණ්ඩාගාරික ලක්ෂ්මන් අධිකාරි මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

 මහින්ද අලුත්ගෙදර