ස්වාධීන රූපවාහිනි සංස්ථාව ආඩම්බර විය හැකි ආයතනයක් බව ජනමාධය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ ඊයේ (30) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිණි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

ඒ නිහතමානි ආඩම්බරය, දක්ෂතාව කැපවීම ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කරමු .ෙපෟද්ගලික අංශයේ වැඩ කළ අයෙක් ලෙස මම දන්නවා නිලධාරීන් වැඩ කරන්නේ වේතනයකට කියලා. ඔවුන් කියන්නේ මයි කම්පැනි කියලා. ඒක අහන කෙනකුට හිතෙනවා මේ ආයතනයේ අයිති ඔහුගේ කියන එක. ඒක තමයි ඇති කර තිබූ සංස්කෘතිය. ඒ පසුබිම තුළ ලබා ගත හැකි නිර්දේශ එමටයි. 79 ජුනි මාසේ 5 වැනි දා ආරම්භ කළ ආයතනයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ආයතනයයි. ආපු දුර එමටයි . යන්න තිබෙන දුර විශාලයි. ලෝකයේ අලුත් තාක්ෂණයක් එක්ක එකතු වී ඒ තාක්ෂණයේ පෙරමුණ ගන්න පුළුවන් ආයතනයක් ලෙසයි අපි දකින්නේ. ඉතිහාසය එයට සාක්ෂි දරා තිබෙනවා. මෙවැනි ආයතනයකට උපරිම සහාය ලබා දීම මගේ සහ ලේකම්වරයාගේ වගකීමක් බව කියනවා. ඒකේ තර්කයක් නැහැ. අයි. ටී .එන්. එක ගැන අපි කතා කරන්නේ ආඩම්බරයෙන්. ඒ කතා කරන්නේ අපි අලුතෙන් ගත්තට පස්සේ. මම පුද්ගලිකව දේශපාලන වශයෙන් කාටවත් මඩ ගහන්න සැලසුම් කරනවාත් නොවෙයි. දේශපාලනය නැති රටක් නැහැ. පක්ෂ දේශපාලනය තුළ යහපතක් විය යුතුයි. අයහපතක් වෙනවා නම් එය ප්‍රශ්නයක්. මේ ආයතනය තුළ දේශපාලනය අයහපත් භාවයක් නැහැ. මමත් ලේකම්තුමාත් දකින්නේ ආයතනය යා හැකි පසුබිමක ශක්තියක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරිමයි. මම දේශපාලනයේ පොරොන්දු දෙන්නේ නැහැ. හැබැයි මේ අයාතනය සුබ ආනාගතයක් තිබෙන ආයතනයක් බව කිව හැකියි. අපි ඒ වගකීමෙන් බැහැර වන්නේ නැහැ. කෙටි කාලින මධ්‍ය කාලින සහ දීර්ඝ කාලන සැලසුම් ටිකක් අපි හදමු.මට මතක යි ඒ කාලේ 2012-13-14 යුගෙය් ආචාර්ය පී. බී. ජයසුන්ර මහතා අයවැයට පෙර අහනවා මොනව ද කරන්නේ කියලා. මේ ආයතනය ඒ කාලේ මහා බැංකුවට ලාභාංශ ගෙව්වා. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ස්වාධිනි රූපවාහිනි සභාපති සුදත් රෝහණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.